ඇට්ටිහලෙන්න දෙන වැස්ස දැන්නම් එපා වෙලාද..වැසි තත්වය ගැන කාළගුණයෙන් අලුත්ම නිවේදනය..
By Piyumika
උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පවතින වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ නමුත් ඌව පළාතේ මෙන්ම අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට හෙට දිනයේ, තරමක තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.
කොළඹ සිට පුත්තලම බලා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බවද සඳහන්.
You may like this video