යාපනයේ යලිත් වසංගත තත්වයක්..රෝගීන් වාර්තා වීමේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට..

By Piyumika Jan 01, 2025 08:03 AM GMT
Report

 යාපනය දිස්ත්‍රික්කයේ මී උණ මේ වනවිට සෞඛ්‍ය අංශ එක් ව ක්‍රමයෙන් පාලනය කර තිබුණ ද, ඩෙංගු උණ හිස ඔසවමින් සිටින බවට වාර්තා වනවා.

මේ වනවිට (01) එම දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.කේදීස්වරන් මහතා පැවසුවේ.

රේගු දෙපාර්තමේන්තු ඉතිහාසයේ සනිටුහන් වන නව වාර්තාවක්..

රේගු දෙපාර්තමේන්තු ඉතිහාසයේ සනිටුහන් වන නව වාර්තාවක්..

යාපනයේ පිහිටි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මී උණට සාපේක්ෂව 2024 නොවැම්බර් මාසයේ සිට ඩෙංගු රෝගීන් 134 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි වෛද්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ.

මෙම තත්ත්වය දෙසැම්බර් මාසය වන විට තවත් ඉහළ ගොස් ඇත්තේ එම රෝගීන් සංඛ්‍යාව 241ක් බවට පත් කරමින්.

මඟ බලාගෙන නේද හිටියේ .. මෙන්න එහෙනම් තරග කාලසටහන..

මඟ බලාගෙන නේද හිටියේ .. මෙන්න එහෙනම් තරග කාලසටහන..

දෙසැම්බර් මාසයේ අවසාන සතිය තුළ පමණක් රෝගීන් 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එය බරපතළ තත්ත්වයක් බවයි යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ.

2024 වසරේ යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 5890 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ම එක් මරණයක් ද වාර්තා වී තිබෙනවා. මේ හේතුව මත ඩෙංගු උවදුර මර්දනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

You may like this video