අපි ආවේ රට හදන්න...බලය ගන්න විතරක් නෙවෙයි....
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසන්නේ එකිනෙකාව රකින, එකිනෙකාව සුරක්ෂිත බවට වෙන හැගීම එන වෙනසක් වෙනුවෙන් ජාතික ජන බලවේගය වැඩකරමින් සිටින බවයි.
ආණ්ඩුව යන ගමනට කිසිවෙකුට විරුද්ධ විය නොහැකි බවයි අගමැතිනිය සඳහන් කළේ.
රට තුළ ආරම්භ කර තිබෙන පරිවර්තනය වෙනුවෙන් එළඹෙන 06 වැනිදාත් පෙනී සිටින ලෙසයි ඇය වැඩිදුරටත් පැවසුවේ.
හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පැවති පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ පූර්ව ප්රචාරක රැළියක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් දක්වා සිටියා.