අදත් මි.මී.50 වැඩි වැසි.... පස්වරු 1න් පස්සේ එලියට යන්නේ බලාගෙන

Department of Meteorology TN Weather Weather Sinhala news
By Hashini May 03, 2025 11:34 PM GMT
Hashini

Hashini

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදත් කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ සිට සුළං අභිසාරී වන ස්ථානය) දිවයිනේ කාලගුණයට තවදුරටත් බලපානු ලබනවා.

එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල පස්වරු 1.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

බස්නාහිර පළාතේ සහ පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ස්ථානගත වූ තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙසයි.

එසේම මධ්‍යම සහ ඌව පළාත්වල සහ අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයන් අපේක්ෂා කළ හැකිය. 

සජිත්ට වැඩ නම්, මැයි රැළියට එන්නේ නැතුව ඉන්න ඕනේ

සජිත්ට වැඩ නම්, මැයි රැළියට එන්නේ නැතුව ඉන්න ඕනේ

ReeCha