මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජලය දීමේ කටයුතු වල මේ වනවිට තත්වය මෙන්න

By Kanchana Jun 26, 2026 08:02 AM GMT
Report

ලබුගම–කලටුවාව සිට මහරගම දක්වා වූ ප්‍රධාන ජල සම්ප්‍රේෂණ නල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු මේ වන විට අවසන් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ක්‍රමයෙන් සිදුවෙමින් පවතින බවයි.

කෙසේ වෙතත්, ප්‍රධාන නල මාර්ගය නැවත පිරවීම, අවශ්‍ය ජල පීඩනය ස්ථාපිත කිරීම සහ බෙදාහැරීමේ පද්ධතිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා යම් කාලයක් ගතවනු ඇති බවද එය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව, සමහර ප්‍රදේශවල තාවකාලිකව අඩු ජල පීඩනයක් හෝ ජල සැපයුමේ බාධා ඇතිවිය හැකි බවත්, බලපෑමට ලක්වූ ප්‍රදේශ වෙත ජල සැපයුම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් පවතින බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

දේශපාලනඥයන් පොලිස් සේවයට රිංගවනවා- විපක්ෂයේ කවුරුත් සතුරන් නෙමෙයි දයාසිරි පාර්ලිමේන්තුව උණුසුම් කරයි

දේශපාලනඥයන් පොලිස් සේවයට රිංගවනවා- විපක්ෂයේ කවුරුත් සතුරන් නෙමෙයි දයාසිරි පාර්ලිමේන්තුව උණුසුම් කරයි

සියලුම පාරිභෝගිකයින්ට හැකි ඉක්මනින් සාමාන්‍ය ජල සැපයුම යළි ආරම්භ කිරීම සඳහා කාර්ය මණ්ඩලය අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

ඇති වූ අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මහජනතාවගේ ඉවසීම සහ සහයෝගයට ස්තූතියද පළ කරයි. 

අද දවසේ ඩොලරයේ මිල මෙන්න- බැංකු කිහිපයක මිල ගණන් වෙනස් වෙයි

අද දවසේ ඩොලරයේ මිල මෙන්න- බැංකු කිහිපයක මිල ගණන් වෙනස් වෙයි

Gallery