කාසල්රි - මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පහළ යයි හේතුව මෙන්න

Report

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව එම ජලාශයන් භාර ඉංජිනේරුවෝ සදහන් කර තිබේ .

අද (19) උදැසන 6 වන විට මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 27 අගල් 6 කින් සහ කාසල්රි ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 26 අගල් 11 කින් පහල බැස ඇත.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් ලබාගන්නා ජලයෙන් විමලසුරෙන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සිදු කරනු ලබයි.

හොර ඔප්පු හැදූ නීතිඥවරයාට ලැබුණු අමතක නොවන දඩුවම

හොර ඔප්පු හැදූ නීතිඥවරයාට ලැබුණු අමතක නොවන දඩුවම

වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරින් සදහන් කරන්නේ එම ජලාශවල ජල මට්ටම අඩුවිමත් සමග කැළණි ගගේ ජල මට්ටමද පහල බැස තිබෙන බවයි.

තවද මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බසිමින් ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවෝ සදහන් කර තිබේ .

“අස්වැසුම’’ ප්‍රතිලභීන් ගැන කණගාටුදායක ආරංචියක්

“අස්වැසුම’’ ප්‍රතිලභීන් ගැන කණගාටුදායක ආරංචියක්