එක දිගට පැය 21ක් වතුර කපයි..එම ප්‍රදේශ සියල්ල මෙතනින් දැන ගන්න.
අද (29) සිට එළැඹෙන 30 වැනිදා එනම් හෙට දිනය දක්වා පැය 21 ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ඒ බව දැනුම්දී ඇත.
ඒ අනුව අද පස්වරු 09.00 සිට එළැඹෙන බ්‍රහස්පතින්දා එනම් හෙට පස්වරු 06.00 දක්වා එම ජල කප්පාදුව සිදු කරනු ඇති.
ඒ අනුරාධපුර නුවරවැව ජල පවිත්‍රාගාරය පිරිසිදු කිරීම හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බවයි පැවසෙන්නේ.
ඒ අනුව,
මිහින්තලේ ජල සම්පාදන ක්‍රමය යටතේ - කඳුවටාපාර, රුවන්ගම, වැල්ලමොරාන, තරියන්කුලම, පලුගස්වැව, සට්ටම්බිකුලම, අඹතලාගම, පොලිස් ගම්මානය, මහින්ද රාජපක්ෂ මාවත, කිරින්දේගම, කන්නට්ටිය, කුරුන්දන්කුලම
අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමය යටතේ - නෙළුම්කන්නිය, තරියන්කුලම, ගල්කුලම, කවරක්කුලම, වන්නම්මඩුව, කුංචිකුලම, කුරුන්දන්කුලම, මාතලේ හන්දිය, සාලිය මාවත, තන්නායන් කුලම, යාපනය හන්දිය, බන්ඩාරපුලියන්කුලම, තෙප්පන්කුලම, ජයන්තිග්‍රාමය, සාලියපුර, මාන්කඩවල, ලිංගලපාර, කට්ටමාන්කුලම,කලෑත්තෑව
අනුරාධපුර නව නගර ජල සම්පාදන ක්‍රමය යටතේ - අනුරාධපුර 01 වන පියවර යන ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදු කරනු ලැබේ.
You May Like This Video