අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ගැන විශේෂ දැනුම්දීමක්..නව මිල පරාසයන් මෙන්න.

Report

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා.

එහි අවම මිල දැක්වෙන්නේ සුදු බිත්තරයක වන අතර එය රු. 28-35 අතර බවයි දැනුම්දී ඇත්තේ.

වැඩිම මිලක් දැක්වෙන්නේ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 වන අතර එහි මිල රු.870 -1,000 අතර වනවා.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි.(VIDEO)

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි.(VIDEO)


තිරිගු පිටි කිලෝව රු.155-163 අතර සුදු සීනි රු.228-245 අතරත් පරිප්පු 275 - 293 අතරත් අර්තාපල් (ආනයනික) 160-180 ලෙසත් දක්වා ඇත.

මේ අතර දේශීය සුදු කැකුළු කිලෝව රු 210-220 අතරත් දේශීය නාඩු 220-230 අතර මෙන්ම ආනයනික නාඩු 210-220 අතර පවතී.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ එම නිවේදනය පහතින් දැක්වේ👇

You May Like This Video


Gallery