අද කාලගුණය ගැන දැන ගෙන එළියට යන්න..කාලගුණයේ වෙනසක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි.

Report

දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් උතුරු, උතුරු-මැද,නැගෙනහිර,ඌව සහ දකුණු පළාත්වලත් මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බවයි දැනුම්දී ඇත්තේ.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි.(VIDEO)

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි.(VIDEO)


දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

You May Like This Video