තරගාවලියේදී Replay බලන්න වාස්ට TV එකක්..!
අට වසරකට පසුව දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමත් සමඟ ක්‍රිකට් කේෂ්ත්‍රය කෙරෙහි ජනතා අවධානය වැඩි වශයෙන් යොමුව තිබේ. එම උනන්දුව සමාජ මාධ්‍ය අතර ද ඉහළින්ම දක්නට ලැබේ.
එනිසාම “වාස්ට T20 තරගාවලියේදී රූපවාහිනියක් ලබාදෙනු !!!!” යන්න අද දිනයේ වඩාත් ජනප්‍රිය ෆේස්බුක් පොස්ටුවක් බවට පත්ව තිබිණි. තරගය අතරවාරයේ පන්දුයවන්නන්ට විශේෂ වූ යම් සිදුවීමක් සිදුවූ වහාම ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ගේ පුහුණුකරු චමින්ද වාස් එම සිදුවීමේ පුණරූපන බැලීමට ක්‍රීඩාගාරය වෙත යාම මේ පෝස්ටුවට හේතුවී තිබිණි.
ඇත්තටම පන්දුයවන්නන්ගේ සිදුවීම් පිළිබඳ පුණරූපන බැලීමට වාස්ට රූපවාහිනී යන්ත්‍රයක් නොතිබුණේ දැයි අපි සොයා බැලුවෙමු. වාස් ඇතුළු පුහුණුකරුවන්ට හා ක්‍රීඩකයන්ට රූපවාහිනී යන්ත්‍ර ඇතුළු සියලු පහසුකම් ඔවුන්ගේ ක්‍රීඩාගාරයේ තිබුණ ද ඔවුන් තරගය නැරඹීමට වැඩි රුචිකත්වය දක්වන්නේ ක්‍රීඩාගාරයේ ඉදිරියේ ඇති පඩිපෙළ උඩ වාඩිවී බව පැවසේ.
එබැවින් පඩිපෙළ මත රැඳෙන වාස්ට ද පන්දුයවන්නන්ගේ විශේෂ අවස්ථාවක පුණරූපන බැලීමට ක්‍රීඩාගාරයට යාමටම සිදවන බැවින් ඔහු මෙසේ කටයුතු කර ඇති බව වාර්තා විය.
කෙසේවුවද, වෙනත් පුහුණුකරුවන්ට වඩා වැඩි උනන්දුවක් චමින්ද වාස්ට තමාගෙන් පුහුණුවන පන්දුයවන්නන් කෙරෙහි තිබීම ගැන බොහෝ දෙනාගේ පැසසුම් මේවන විට ඔහුට ලැබෙන බවද වාර්තා වේ.
----------------------------------------------------------------------------------------------------
නායක දසුන්ගේ බර්ත්ඩේ එකට කණ්ඩායමේ අය දුන්න සප්‍රයිස් එක-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
