“මත්ද්‍රව්‍ය මැඩලන්න 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” භාවිතා කරන හැටි සුනිල් වටගල කියයි [VIDEO]
මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාදක කරගත හැකි ආකාරය පිළිබඳව අමාත්‍ය සුනිල් වටගල මහතා රැස්වීමකදී පැහැදිලි කළේය.
මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙරටට මත්ද්‍රව්‍ය සපයන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මෙන්ම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීම සඳහාද වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසීය.
රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ මීට පෙර විදේශ රටවලට ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ නමුත්, වර්තමානයේ මෙරටට මත්ද්‍රව්‍ය සපයන පුද්ගලයන් සහ එම ජාලයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.
එමෙන්ම ගම් මට්ටමින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයන් ඉන් මුදා ගැනීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත්, මේ සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සැලකිය යුතු වැඩසටහන් කිහිපයක් නිර්මාණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
මත්ද්‍රව්‍යවලින් තොර රටක් ගොඩනැගීම සඳහා ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේදී පොරොන්දුවක් ලබාදුන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම මෙන්ම රට පුරා ක්‍රියාත්මක කළ හැකි රටම එකට ජාතික මෙහෙයුම නිර්මාණය කර ඇති බව පැවසීය.
මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්, අධිකරණ කටයුතු කඩිනම් කිරීමටත් අවශ්‍ය නීතිමය පසුබිම සකස් කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
''අපට අවශ්‍යයි මේ වැඩ කරගෙන යන්න දැවැන්ත නීති පද්ධතියක්. නීති නැත්නම් අපි නීති හදනවා. දැන් අපි එහෙම පුනරුත්ථාපනයට අදාළව , නීතියක් අලුතෙන් හඳුන්වා දෙන්න අපට තියෙනවා. තියෙන නීතිය පොඩ්ඩක් ප්‍රශ්නකාරී. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියලා කියන්නෙත් මෙන්න මේ කාරණයට අදාළම කතාවක්. අපට අවශ්‍යයි මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න උදවිය අදාළව දැඩි නෛතික ක්‍රියාමාර්ග ගන්න. අපට අධිකරණ කටයුතු ඉක්මන් කිරීම අවශ්‍ය වෙලා තියෙනවා. අන්න ඒ අර්ථයෙන් ගත්තාම අපි 22 වන අණ්ඩුක්‍රම ව්‍යවාස්ථාව උනත් අපි එක පැත්තකට උවමනා වෙලා තියෙනවා, නීති කටයුතු ඉක්මන් කිරීමේ අර්ථයෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉක්මනින් සම්මත කර ගන්න දැන් ඒක පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතයි. 24 සහ 25...”