උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය ගැන ඇමැති වසන්තගෙන් හෙළිදරව්වක්
උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සදහන් කර ඇත.
අමාත්‍යවරයා සදහන් කර තිබෙන්නේ හිඟවන ධාන්‍ය සඳහා බදු සහිතව ආනයනයට අවශ්‍ය පහසුකම් සලසන බවයි.
ඒ වගේම නෞකා ගමනාගමනයට පවතින බාධාවත් සමග ඉදිරියේ ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳවද අමාත්‍යවරයා සදහන් කර ඇත.
තවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ පවතින තත්ත්වය හමුවේ අපනයන කටයුතු සඳහා බාධා මතුවිය හැකි බවයි.