කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ පණිවිඩයක්
කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත කටාර් රාජ්‍යයේහි ශ්‍රී ලංකා තානාපති සිතාරා ඛාන් මහත්මිය විසින් විශේෂ පණිවිඩයක් නිකුත් කර ඇත.
එම තානාපතිනිය කාරුණිකව ඉල්ලා සිටින්නේ මැද පෙරදිග කලාපය තුළ පවතින මෙම අවිනිශ්චිත කාල සීමාව තුළ, කටාර් රාජ්‍යයේ ජීවත්වන සහ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් මෙම අභියෝගාත්මක කාලය තුළ ඉතා අවබෝධයෙන් කටයුතු කරන ලෙසයි.
ඒවගේම පවතින තත්ත්වය හමුවේ සන්සුන්ව සිටීම, වගකීම් සහගතව කටයුතු කිරීම සහ අනතුරු ඇඟවීම් නිකුත් කරන විට වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කිරීම ඇතුළුව, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ආරක්ෂක මාර්ගෝපදේශ සහ නියමයන් අනුගමනය කරන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි .
තවද සිතාරා ඛාන් මහත්මිය ප්‍රකාශ කරන්නේ කැබලි සහ සුන්බුන් පතිත වීමේ අවදානමක් පවතින බැවින් පිරිස් ඒකරාශී වන ස්ථාන සහ විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්න ලෙසයි.
තවද මහජන ආරක්ෂාව සහ සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වගකීම් සහගත සන්නිවේදනය අත්‍යවශ්‍ය බැවින්, කටකතා පතුරුවා හැරීමෙන් හෝ තහවුරු නොකළ තොරතුරු හුවමාරු කර ගැනීමෙන් වැළකී නිල පුවත් මූලාශ්‍ර මත පමණක් විශ්වාසය තබන ලෙස විශේෂයෙන් ඉල්ලා සිටියි.
ඒ වගේම තානාපතිනිය සඳහන් කරන්නේ කටාර් රජය කටාර්හි වෙසෙන පදිංචිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, අත්‍යවශ්‍ය සැපයුම් සහ සෞඛ්‍ය සේවා බාධාවකින් තොරව සැපයීමටත් අඛණ්ඩව කැපවී සිටින බවයි කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් තානාපති කාර්යාල කණ්ඩායම පැය 24 පුරාම අත්‍යවශ්‍ය සේවා සඳහා ක්‍රියත්මක වෙයි
ඒ අනුඑස් අපගේ හදිසි ඇමතුම් අංකය +974 3045 1601 (WhatsApp මගින්ද සම්බන්ධ විය හැක) හා විද්‍යුත් තැපෑල emergency.sldoha@mfa.gov.lk හරහා සම්බන්ධ විය හැකි බව කටාර් රාජ්‍යයේහි ශ්‍රී ලංකා තානාපති සිතාරා ඛාන් මහත්මිය වැඩිදුරටත් සදහන් කර තිබේ.