ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට අද අධිකරණය දුන් නියෝගය මෙන්න..
පසුගියදා අතුරුගිරිය ප්රදේශයේ ක්ලබ් වසන්ත හෙවත් වසන්ත පෙරේරා ඇතුළුව තවත් පුද්ගලයෙක් ඝාතනය විය.

එම සිදු වූ ඝාතන සිද්ධියේ සැකකරුවන් 8 දෙනා අගෝස්තු 5 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (22) අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය විසින් ය.
කෙසේ වෙතත්, එම සිද්ධියට අදාළ එක් සැකකරුවෙකු වන ටැටූ ස්ටුඩියෝ හිමිකරු මහේස්ත්රාත්වරයා හමුවේ රහස් ප්රකාශයක් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වේ.