යුද ජයග්‍රහණය සමරන්න ඔන්න මෙන්න තියෙද්දි, දමිළ ජනතාව සිහිපත් කරන්න ගිහින් (VIDEO)

Report

වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසල දී ‘උතුර දකුණ සහෝදරත්වය’ යන නමින් ඇති සංවිධානයක් මඟින් වෙල්ලමුල්ලවෛක්කාල් සමරුවක් පැවැත්වීමට යාමේ දී උණුසුම් තත්වයක් ඇති වී තිබෙනවා.

මෙම වෙල්ලමුල්ලවෛක්කාල් සමරුව දුම්රිය ස්ථානය අසල තිබූ වෙරළ තීරයේ දී පැවැත් වීමට ගොස් ඇත.

අපි බයයි කියල හිතුවද? මහින්ද කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්.. - අනුරට රිදෙන්න ලක්ෂ්මන් කියයි

අපි බයයි කියල හිතුවද? මහින්ද කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්.. - අනුරට රිදෙන්න ලක්ෂ්මන් කියයි

ඒ අනුව මෙහි දී පහන් දැල්වීමේ වැඩ සටහනක් ද පිරිසක් එක් වී සිදු කර ඇති බව සඳහන්.

එය පහුගිය 2009 වර්ෂයේ යුද්ධයේ අවසන් අදියරේ දී ඝාතනයට පත් වූ වෙල්ලමුල්ලවෛක්කාල් දමිළ ජනයා සිහිපත් කිරීමේ අරමුණින් යුතුව සිදු කළ බව වාර්තා වේ.

එහෙත් වෙල්ලමුල්ලවෛක්කාල් සමරුව පැවැත් වූ ස්ථානයට ඊට එරෙහි පිරිසක් පැමිණ ඇත.

පොහොට්ටුව දෙකඩ කළේ රනිල් ද? නාමල් ද?

පොහොට්ටුව දෙකඩ කළේ රනිල් ද? නාමල් ද?

ඒ සමඟ එම ස්ථානයේ ඇති වූ කලහකාරී ස්වාභාවය නිසා උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා.

ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවා ඇති බවට තොරතුරු වාර්තා විය.