විශේෂ පිරිසකට හදිසි අනතුරු ඇගවීමක්..!

By Sewvandhi Mar 18, 2024 03:36 PM GMT
Report

 ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවරයින්ට දැනුම් දී තිබේ.

ඒ පසුගිය සෙනසුරාදා අරාබි මුහුදේදී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඉරාන ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ සිද්ධියත් සමගය.

මේ වනවිට කොල්ලකරුවන් පිරිසක් ඉරාන යාත්‍රාවක් රැගෙන අදාළ මුහුදු ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කළේ.