වෝල්ට්‍රීම් වතුයායේ වතු කම්කරුවන් වෙනුවෙන් කරන අලුත්ම වැඩේ
තලවකැලේ ලිඳුල වෝල්ට්‍රීම් වතුයායේ වතු කම්කරු පවුල් 24ක් සඳහා නව නිවාස 24ක් ඉදි කිරීම් කටයුතු ඊයේ (04) දින එම වතුයායේදී ආරම්භ කර තිබේ.
ඒ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීරආරච්චි සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන අයගේ ප්‍රධානත්වයෙනි.
ඒ වගේම නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ අවස්ථාවට තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති මලිදුව ලියනගේ, වතු පාලන අධිකාරියේ නිලධාරින් සහ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
2015 වසරේ එම වතුයායේ නායයෑමේ අවධානමකට ලක් වී තාවකාලිකව එම වතුයායේ ආරක්ෂිත ස්ථානවල රැඳී සිටි පීඩාවට පත් වතුකම්කරුවන් වෙනුවෙන් මෙම නිවාස 24 ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිර්දේශ සහිතව ලබා දුන් එම වතුයායේ ඉඩමක ඉදි කිරීම් කටයුතු ආරම්භ කර තිබේ .
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන සහ ඉන්දියානු රජයේ ආධාර යටතේ මෙම නිවාස ඉදි කරනු ලබයි .
මෙම එක් නිවෙසක් සඳහා රු.ලක්ෂ 32ක ප්‍රතිපාදන වැය කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව විසිත්ත කාමරයක්, නිදන කාමර 2ක්, මුළුතැන්ගෙයක්, සනීපාරක්ෂක පද්ධතියකින් සමන්විත මෙම එක් නිවසක් වර්ග අඩි 750කින් සමන්විත වේ.
එම නිවස පර්චස් 10ක ඉඩමක ඉදි කිරිම් කරනු ලබයි .
තවද මෙම සෑම නිවසකටම විදුලිය, මංමාවත් සහ පිරිසිදු පානිය ජලය යෝජනා ක්‍රමයක් ලබා දීමටද යෝජනා වී ඇත.
ඒ වගේම මෙම නිවාස ඉදි කිරීම් කටයුතු මානව වැවිලි භාරය මගින් සිදු කරනු ලබයි.