අත්අඩංගුවට ගන්න වරෙන්තුත් නිකුත් කරල තියෙන මොහොතක එකවරම චීනයට ගිය රුසියානු බලවතා පුටින් - හේතුව මෙන්න.

Vladimir Putin China Russia
By krishani Oct 17, 2023 02:45 PM GMT
krishani

krishani

Report

හෙට (18) දින බීජීං නුවර දී ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන “එක් තීරයක් – එක් මාවතක්” තෙවැනි සමුළුව ආරම්භවීමට නියමිතයි.

එම සමුළුවට රටවල් 130ක සහ ගෝලීය සංවිධාන 30ක පමණ නියෝජිතයින් සහභාගී වීමට නියමිතව ඇත.

ඒ අනුව එම සමුළුවට සහභාගී වීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ද චීනයට පැමිණ තිබෙනවා.

ඒ චීනයේ බීජීං නුවරටයි.

රුසියන් ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා යුක්රේනය යුද්ධයට අදාළව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.

එවන් පසුබිමක රුසියානු ජනාධිපතිවරයා චීනයට පැමිණීම විශේෂත්වයක් වේ.

කෙසේ වෙතත්, අපරාධ අධිකරණයේ සාමාජික රටවල් 123ට චීනය අයත් නොවීම හේතුවෙන් රුසියානු ජනාධිපතිවරයා චීනයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ReeCha