ICC සම්මානයකට නිර්දේශ වූ විශ්මි ගුණරත්න...

Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) 2024 ජුනි මාසය සඳහා නම් කරන ලද කාන්තා ක්‍රීඩිකාවන් අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශ්මි ගුණරත්න නිර්දේශ වී තිබෙනවා.

මෙම සම්මානය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රදානය කරනු ලබන්නේ, මාසයක කාලයක් තුළ ජාත්‍යන්තර තරග බිමේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් ඇගයීම සඳහායි.

විශ්මි ගුණරත්න ඒ සඳහා යෝජිත ක්‍රීඩිකාවන් අතරට ඇතුළත් කර ඇත්තේ, බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැති තරගාවලියේ දී ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙනි.

මෙම සම්මානයට නිර්දේශ වී සිටින අනෙකුත් ක්‍රීඩිකාවන් වන්නේ, එංගලන්තයේ මායා බුෂියර් සහ ඉන්දියාවේ ස්ම්‍රිති මන්ධනා ය.