සංගට ෂොට් එක දෙන්න හදන කෝලි
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි හට කුමාර් සංගක්කාර අභිබවා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉහළම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 54ක් පමණක් බව වාර්තා වේ.
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි ශතක 51ක් හා අර්ධ ශතක 74ක් රැස්කර ඇති අතර මේ වනවිට තරග 304කදී ලකුණු 14,181ක් රැස්කර ඇත.
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉහළම ලකුණු රැස්කළ දෙවන පිතිකරුවා වන කුමාර් සංගක්කාර, තරග 404කදී ලකුණු 14,234ක් රැස්කර ඇත.
කුමාර් සංගක්කාර එක්දින පිටියට සමුදෙන විට ශතක 25ක් හා අර්ධ ශතක 93ක් රැස්කර ඇත. එමෙන්ම තරග 463කදී ශතක 49ක් හා අර්ධ ශතක 96ක් සමගින් ලකුණු 18,426ක් රැස්කරමින් ලොව ඉහළම එක්දින ලකුණු රැස්කර ඇත්තේ සචිත් තෙන්ඩුල්කාර්ය.