කෝලි නිසා ජන ගඟක් දිල්ලියේ විදි පුරා.. ක්‍රීඩාංගණයක් හදිසියේ පිරී ඉතිරි යයි..(VIDEO/PHOTO)
විරාට් කෝලි ක්‍රීඩාකරන තරගයක් නැරඹීම සඳහා ඉන්දීය ක්‍රීඩාලෝලීන් දහස් සංඛ්‍යාවක් දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණය වෙත එක්රැස්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ පැවැත්වෙන ප්රමුඛපෙළේ සිව්දින ක්‍රිකට් තරගාවලියක් වන රංජි කුසලාන තරගාවලියේ දිල්ලි කණ්ඩායම හා දුම්රිය කණ්ඩායම අතර තරගය අද (30) ආරම්භ විය.
හොර පාරෙන් ලංකාවෙන් පළායාමට තැත් කළ විදේශිකයෙක් අත්අඩංගුවට..සෝදිසි කිරීමේදී හැඳ සිටි යටඇදුම තුළ සඟවා සිට හමු වූ දේ..
එහි දිල්ලි කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලිද ක්‍රීඩාකරන අතර, මෙලෙස ඔහු ඉන්දීය පළමුපෙළ ක්‍රිකට් තරගාවලියක් ක්රීඩාකරනුයේ වසර 12කට පසුව බව සැලකෙයි.
ඒ අනුව දීර්ඝ කාලයකට පසු විරාත් කෝලි දේශීය තරගයක ක්‍රීඩාකරන අයුරු දැකබලා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් අරුන් ජේට්ලි ක්‍රීඩාංගණය වෙත පැමිණ ඇත.
තරගය ආරම්භයේදී ක්‍රීඩාලෝලීන් 6,000කට අසුන්ගත හැකි 'ගෞතම් ගාම්භීර්' මණ්ඩපය විවෘත කිරීමට ක්‍රීඩාංගණ බලධාරීන් කටයුතු කර ඇත.
කෙසේ නමුත් පිරිස දිගින් දිගටම වැඩිවී ඇති අතර, ඒ හේතුවෙන් ක්‍රීඩාලෝලීන් 11,000ක පමණ පිරිසකට අසුන්ගත හැකි 'බිෂාන් සිං බේඩි' මණ්ඩපය ද විවෘත කිරීමට සිදුවිය.
ඉන්දීය කණ්ඩායම අවසන්වරට සිදුකළ ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය තරග 3-1ක ලෙස පරාජය වීමත් සමග ඉන්දීය කොන්ත්‍රාත් ක්‍රීඩකයින්ට දේශීය ක්‍රිකට් ක්‍රීඩාකිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය අනිවාර්ය කළේය.
ඒ හේතුවෙන් මෙලෙස විරාට් කෝලි ද යළි දේශීය තරග බිමට අවතීර්ණ වී සිටියි.
You may like this video