මැලේසියාවෙන් ලංකාවට ලොකු රුකුලක් - ඇමති විජිත විශේෂ සාකච්ඡාවක
By Malith Madushan
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මැලේසියාවේ මලක්කා ආණ්ඩුකාර Tun Mohd Ali Rustam මහතා සමඟ අද (06/29) විශේෂ සාකච්ඡාවකට සහ දිවා භෝජන සංග්‍රහයකට එක්වී ඇත.
මෙහිදී මලක්කා ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
විශේෂයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, අධ්‍යාපන හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කිරීම මෙන්ම ආර්ථික සබඳතා සහ වෙළඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයේම අවධානය යොමුව ඇති බව සඳහන් වේ.
මෙම ක්ෂේත්‍රයන් නංවාලීම සඳහා ඉදිරියේදී සමීපව කටයුතු කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවය පළ කර ඇත.