විජයකලා අවසානයේ රනිල් ලඟට.

Mrs Vijayakala Maheswaran Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Presidential Election 2024
By Wayomi Aug 20, 2024 03:12 AM GMT
Wayomi

Wayomi

Report

හිටපු ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇය යාපනයේ දූපත් ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක කටයුතු පෙරේදා (18) ආරම්භ කර ඇත.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.


මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකු ඇයගේ සහාය ඉල්ලා ඇතත් ඇය මෙවර ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට අදහස් කර කළ බව ප්‍රචාරක කටයුතු අතරතුර දී මාධ්‍යයට පවසා තිබෙනවා.

ජනාධිපතිවරණය සඳහා මෙවර පොදු දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමත් සමඟම දෙමළ දේශපාලන පක්ෂ කීපයක් තුළම දැඩි භේදභින්න වීමක් දක්නට ඇති බව ද ඇය සඳහන් කරනවා.

ලාංකික නළු නිළියන් රඟපෑ ඇමරිකානු චිත්‍රපටයක තොප්පියට හිතාගන්නවත් බැරි වටිනාකමක්. - (විශේෂ වීඩියෝ දර්ශන සහිතයි )

ලාංකික නළු නිළියන් රඟපෑ ඇමරිකානු චිත්‍රපටයක තොප්පියට හිතාගන්නවත් බැරි වටිනාකමක්. - (විශේෂ වීඩියෝ දර්ශන සහිතයි )


ඒ, හේතුව නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට උතුරේ දෙමළ ජනතාවගේ පූර්ණ සහයෝගය ලබා දීම අනිවාර්යයෙන්ම සිදුවන බව ද හිටපු අමාත්‍යවරිය කියා සිටියා.

මැතිවරණය ආසන්නයේදී පොදු දෙමළ අපේක්ෂකයා ඉල්ලා අස්වීමක් හෝ නිහඬව සිටීමක් බලාපොරොත්තු විය හැකි බව ද විජයකලා මහේස්වරන් වැඩිදුරටත් සඳහන් කරනවා.

රනිල්ට දුන් ගෑස් සිලින්ඩරය ගැන මැතිවරණ කොමිසම ගත් තීන්දුව. - මැකෝ ගෙන් දැඩි ප්‍රකාශයක්.

රනිල්ට දුන් ගෑස් සිලින්ඩරය ගැන මැතිවරණ කොමිසම ගත් තීන්දුව. - මැකෝ ගෙන් දැඩි ප්‍රකාශයක්.