ජනප්‍රිය නළුවෙකුගේ දියණියක් සියදිවි නසා ගෙන මරුට..(PHOTOS)

By Aruna Sep 19, 2023 06:15 AM GMT
Report

ජනප්‍රිය දමිළ නළුවෙකු සහ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන විජේ ඇන්ටනීගේ දියණිය සියදිවි නසාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඇය චෙන්නායි, තේනාම්පෙට් හි පිහිටි නිවසේ දී ගෙළ වැළලාගෙන මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ගෙළ වැළලාගෙන සිටිය දී ඇයව අද (19) උදෑසන සොයාගෙන තිබූ අතර, අනතුරුව මයිලාපූර්හි රෝහලකට රැගෙන ගිය නමුත් වෛද්‍යවරුන් විසින් ඇය මිය ගොස් ඇති බවටයි පවසා තිබෙන්නේ.

චෙන්නායි හි පෞද්ගලික පාසලක ඉගෙනුම ලැබූ විජේ ඇන්ටනීගේ දියණිය මානසික ආතතියෙන් පෙළෙමින් සිටි බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා තහවුරු කර තිබේ.

මෙම අවාසනාවන්ත පුවත සැලවීමත් සමඟ දමිල සිනමාවේ ජනප්‍රිය තරු රැසක් ශෝකය පළකර ඇත.

GalleryGalleryGalleryGalleryGallery