මාලිමා උපසභාපතිනි කැළණියේ හාගෙන, රෑට රෑට පුතා ගසුත් කපනවා අතටම අහුවෙයි

Report

කැළණිය ජයන්ති මාවතේ එරපත්ත වෙල්ලයේ වගුරු බිමකට යාබද ඉඩමක් ගොඩකිරීමට උත්සාහ දැරීමක් සම්බන්ධයෙන් ප්‍රදේශ වාසීන් තුළ ගැටලුවක් මතුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ඉඩම ගොඩ කිරීමට උත්සාහ කරන්නේ එහි හිමිකාරීය බව කියන කැළණිය ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේග උපසභාපතිනි ලක්ෂකා සුභාශිණී බවටයි.

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

කැළණි ප්‍රාදේශිය සභාවට අයත් ට්‍රැක්ටරයක් සහ සේවකයන් යොදා ගනිමින් උපසභාපතිනිය විසින් මෙම ඉඩමට ගල් කැබලි ගෙනවිත් ඇති බවට අසල්වාසීන් චෝදනා කරයි.

ඔවුන් ඊට අඳාළ සීසිටීවී දර්ශනද පෙන්වයි. කෙසේ වෙතත් අඳාළ කටයුත්තට අසල්වාසීන් විරෝධය පළ කර ඇත්තේ එම ඉඩම ගොඩ කළහොත් අවට නිවාසවලට ජල ගැලීම් ඇතිවිය හැකි බව දක්වමින්.

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට

එසේ වුවත් මේ විරෝධය පිළිබඳව උපසභාපතිනය සහ ඇගේ පවුලේ සාමාජිකයින් අසල්වාසීන්ට බැන තර්ජනය කර ඇති බවට ද චෝදනා එල්ල වේ.

මේ අතර උපසභාපතිනයගේ පුත්‍රයා රාත්‍රියේ පැමිණ එම මාර්ගය අසල තිබූ ගස් කපා ඉවත් කරන අන්දම දැක්වෙන සීසීටිවී දර්ශනද සමාජගත වී ඇති බව සඳහන්.

අසල්වාසීන් චෝදනා කරන්නේ සිද්ධිය පිළිබඳ කැළණිය පොලිසියට පැමිණිලි කර ඇතත් ඊට තවමත් නිසි විසඳුමක් ලැබී නොමැති බවටයි.

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්