යළි ඉහල ගිය මෙරට උද්ධමනය - නව අයගයන් මෙන්න
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (2025) නිකුත් කළ නිවේදනයේ අනුව, 2025 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව, 2025 අගෝස්තු මාසයේදී 1.5%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 සැප්තැම්බර් මාසය සඳහා 2.1%ක් දක්වා වැඩි වී ඇත.
නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, 2025 අගෝස්තු මාසයේදී 2.9%ක් වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 සැප්තැම්බර් මාසය සඳහා 3.8%ක් දක්වා වැඩි වී ඇති බවයි. එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 අගෝස්තු මාසයේදී 0.4%ක් සිට 2025 සැප්තැම්බර් මාසයේදී 0.7%ක් දක්වා ඉහළ ගොස් ඇත.