ඉදිරි පැය 24 තීරණාත්මකයි - අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇත.
ඒ අනුව අද පස්වරු 1.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වන බව සඳහන්.
අඳාළ නිවේදනයෙහි දක්වා ඇත්තේ බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වන ලෙසයි.
එසේම දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේවන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව ද වාර්තා වේ.
ඒ අනුව අපේක්ෂා කරන්නේ එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට, ශ්‍රී ලංකාවට ආසන්නව ගමන් කරනු ඇති බවටයි.
එමෙන්ම ඇතැම් මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළඟේ වේගය විටින් විට පැ. කි.මී. (55–65) දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන බව දැක්වේ.