මත් කුඩු අරන් මුදල් නොදුන්නාට කපා කොටා ඝාතනය කරලා
රත්මලාන ඥානේන්ද්‍ර පාරේ නිවසකට මුහුණු ආවරණය කරගෙන කඩා වැදී, සූදු සෙල්ලම් කරමින් සිටි පුද්ගලයෙකු නිවසින් පිටතට ඇදගෙන ගොස් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
මෙම ඝාතනයට හේතුව වී ඇත්තේ ලබාගත් මත්කුඩු සඳහා මුදල් නොගෙවීම නිසා ඇති වූ තත්ත්වයක් බව පොලිසිය පවසයි. එම සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි සැකකරුවන් පිරිසෙන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූ අය අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුද සිටිති. ඔවුන් විසින් පහර දීමට යොදා ගත් කඩුවක් සහ වක් පිහියක්ද පොලිසිය විසින්, සොයාගෙන ඇත.
ඝාතනයට ලක්ව තිබුණේ මොරටුව අඟුලාන සයුරපුර පදිංචි 37 හැවිරිදි ටී. හංසක සමීර ප්‍රනාන්දු නම් පුද්ගලයෙකුය.