අත්අඩංගුවට ගත් රුහුණේ සරසවි සිසුන් 21 දෙනාම 28 තෙක් රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 21දෙනා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද (21) එම නියෝග ලබා දී ඇත. රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ සිසුන් සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ ගැටුමක් හටගෙන තිබෙනවා.
ඊයේ (19) පැවැති ක්‍රිකට් තරගයක ලකුණු සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමක් හේතුවෙන් ගැටුම හටගෙන තිබූ බව වාර්තා වේ. තත්ත්වය පාලනය කිරීම සඳහා එම වසරවල් දෙකේ සිසුන් තාවකාලිකව අදාළ පරිශ්‍රයෙන් ඉවත් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබුණා.
කෙසේවෙතත් අද (20) දිනයේදී ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඇති වූ මෙම ගැටුම හේතුවෙන් සිසුන් 6 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බවයි පැවසේ.
පසුව මෙම ගැටුමට අදාළව කඹුරුපිටිය පොලීසිය විසින් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගත් අත අතර ඔවුන් අද මෙලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කර තිබුණි.