අද සහ 31 යන දිනයන්හි කොළඹ, පිටකොටුවේ යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

Report

පිටකොටුව සහ බම්බලපිටිය නව කතිරේෂන් කෝවිල්වල පැවැත්වෙන 152 වන වාර්ෂික වේල් උත්සවයේ රිදී රථ පෙරහැර නිසා, අද(28) සහ එළඹෙන 31 යන දිනයන්හිදී විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කරන ලද නිවේදනයට අනුව පෙරහැර ගමන් ගන්නා කාලසටහන සහ මාර්ග විස්තර පහතින්,

1. ගමන් ආරම්භය: 2026 ජූලි 28 (පෙරවරු 07:30 සිට රාත්‍රී 08:30 දක්වා)
ආරම්භය: පිටකොටුව, මුහුදු වීදිය කතිරේෂන් කෝවිල
ගමනාන්තය: බම්බලපිටිය නව කතිරේෂන් කෝවිල
ගමන් මාර්ගය: මුහුදු වීදිය, ගෑස්පහ වටරවුම, ප්‍රධාන වීදිය, ඛාන් වටරවුම, Y.M.B.A. හන්දිය, ලේඩන් බැස්ටියන් මාවත, යෝර්ක් වීදිය, බාරොන් ජයතිලක මාවත, ජනාධිපති මාවත, N.S.A. වටරවුම, ගාලු මැදපාර, ගාලුමුවදොර වටරවුම, ගාලුපාර කොල්ලුපිටිය හන්දිය ඔස්සේ බම්බලපිටිය නව කතිරේෂන් කෝවිල දක්වා.

අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනටම වෙන්න යන දේ - ලංකාවටම දන්වයි

අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනටම වෙන්න යන දේ - ලංකාවටම දන්වයි

කාලසටහන:
පෙරවරු 10:30 දක්වා: මුහුදු වීදිය හා කයිමන් දොරටුව ඔස්සේ ප්‍රධාන වීදිය වෙත. පෙරවරු 10:30 - 11:30: ප්‍රධාන වීදිය සහ ලේඩන් බැස්ටියන් මාවත ඔස්සේ.
පස්වරු 01:00 - 03:00: ජනාධිපති මාවත ඔස්සේ ගාලුමුවදොර පිටියට. පස්වරු 03:00 - 04:30: ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, සංචාරක දෙපාර්තමේන්තුව සහ අරලියගහ මන්දිරය අසලින්.
පස්වරු 05:00 - රාත්‍රී 08:30: ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය සහ බම්බලපිටිය හරහා ගමන් කර රාත්‍රී 07:00ට කතිරේෂන් කෝවිලටත්, රාත්‍රී 08:30ට බම්බලපිටිය නව කතිරේෂන් කෝවිලටත් ළඟාවීම.
2. ආපසු පැමිණීම: 2026 ජූලි 31 (පෙරවරු 08:00 සිට මධ්‍යම රාත්‍රී 12:30 දක්වා)
ආරම්භය: බම්බලපිටිය නව කතිරේෂන් කෝවිල
ගමනාන්තය: පිටකොටුව, මුහුදු වීදිය කතිරේෂන් කෝවිල
ගමන් මාර්ගය: බම්බලපිටිය කෝවිල, ගාලුපාර ඔස්සේ ගාලුමුවදොර පිටිය, ගාලුමුවදොර සෙන්ට්‍රල් පාර, චැතම් වීදිය, යෝර්ක් වීදිය, ලේඩන් බැස්ටියන් මාවත, ප්‍රධාන වීදිය, මුහුදු වීදිය, කතිරේෂන් වීදිය, ක්‍රොස්වීදිය, අන්දිවාල් වීදිය, කයිමන් දොරටුව ඔස්සේ පිටකොටුව නව කතිරේෂන් කෝවිල දක්වා.

ඒ අනුව පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙම දිනයන්හි හා වේලාවන්හිදී අදාළ මාර්ගවල යම් රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින්, හැකි තරම් විකල්ප මාර්ග භාවිතා කරමින් සහය දක්වන ලෙසයි.

මේ ලග්නවලට අද ධන ලාභ සහිත සුබ ආරංචි ලැබෙන වාසනාවන්ත දවසක් - සියලු ලග්න පලාපල මෙන්න

මේ ලග්නවලට අද ධන ලාභ සහිත සුබ ආරංචි ලැබෙන වාසනාවන්ත දවසක් - සියලු ලග්න පලාපල මෙන්න

පොලිසියෙන් රැකියා පුරප්පාඩු රැසකට අයදුම්පත් කැඳවයි - අයදුම් කළ හැකි නියමිත දිනය මෙන්න

පොලිසියෙන් රැකියා පුරප්පාඩු රැසකට අයදුම්පත් කැඳවයි - අයදුම් කළ හැකි නියමිත දිනය මෙන්න

Gallery