තාරුණ්‍යයේ බලාපොරොත්තු සුනේ සුන් වෙයිද..? වාහන ආනයනය ගැන මේ දැන් ලැබුණු ආරංචිය..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Japan Sri Lanka Relationship vehicle imports sri lanka Latest Headlines
By Sewvandhi Sep 27, 2024 02:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසන්නේ, වාහන ආනයනයට ගෙන තිබූ තීරණයේ වෙනසක් නොමැති බවයි.

ඊට අවශ්‍ය මුදල් සංචිත මහ බැංකුව සතුව පවතින බවයි, මහ බැංකුවේ අද කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.

මේ වසර තුළ ප්‍රතිපත්ති පොලී අනුපාත ද්විත්වය වෙනුවට එක් ප්‍රතිපත්ති පොලී අනුපාතයකට ගමන් කරන බවද ඔහු එහිදී සදහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ අතරමග නැවතුණු ව්‍යාපෘති 11 ක් කඩිනමින් ඇරඹීමට ජපාන රජය පූර්ණ සහය පළ කර තිබෙනවා.

පාසලක් හදිසියේම වසා දමයි..!

පාසලක් හදිසියේම වසා දමයි..!

ජනාධිපති මාධ්‍ය අංශය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්..

"..දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ නව රජයේ වැඩපිළිවෙළට ජපානයේ පූර්ණ සහාය ලබා දෙනවා

ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයාගෙන් සහතිකයක්

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) මහතා පැවසීය.

ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ පැවති හමුවේදීය.

ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමන් ආරම්භ කරන බවද ජපාන තානාපතිවරයා දී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව මහනුවර නගරයේ ජල කළමණාකරණ ව්‍යාපෘතිය, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර, භෞමික රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ 2 වන අදියර, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව තිබේ. එසේම ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අවසන් අදියරේ පවතින හබරණ- වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර කඩිනමින් නිම කිරීම මෙන්ම වැඩ අවසන්ව ඇති කැළණි ගඟ නව පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ ගෙවීම් සිදු කිරීම ද මිට ඇතුළත් බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා පැවසීය

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී නයොකි කමොෂිඩා, පළමු ලේකම් ඔහාෂි කෙන්ජි සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ..."

දෙකක් කිව්වට තුනක් වෙනවා..මොකක්ද මේ මහ බැංකු අධිපති හදිසියේම කියන කතාව..

දෙකක් කිව්වට තුනක් වෙනවා..මොකක්ද මේ මහ බැංකු අධිපති හදිසියේම කියන කතාව..

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%