පාසලක් හදිසියේම වසා දමයි..!

Report

පවතින අධික වර්ෂාවත් සමඟ මතුවු නායයෑම් සහ ගල් පෙරළීම් අවදානමක් හේතුවෙන් නෝටන්බ්‍රිජ් - විදුලිපුර සිංහල පාසල තාවකාලිකව වසා දමා තිබෙනවා.

පාසලට ඉහළින් පිහිටි පස් කන්ද ඉරිතලා ගොස් ඇති බවයි, එම පාසලේ විදුහල්පතිනි සුසන්ති මාලනී කුමාරි කියා සිටියේ.

එමෙන්ම ගල් කිහිපයක්ද පාසල් භූමියට පෙරලීම හේතුවෙන් අද (27) දින පාසල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවද ඇය සඳහන් කළා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, එම පාසලේ සිසුන් 250 කට අධික පිරිසක් අධ්‍යානය ලබන බවත්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

නිල නිවාස සහ බංගලා වහාම භාර දෙන්නැයි විශේෂ දැනුම්දීමක් - සියලූම ආකාරයේ දීමනාත් අහෝසියි..!

නිල නිවාස සහ බංගලා වහාම භාර දෙන්නැයි විශේෂ දැනුම්දීමක් - සියලූම ආකාරයේ දීමනාත් අහෝසියි..!