පෝලිම්වල හිටිය කාලේ අවසන්?. - වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව වැඩපිළිවෙළක්.. වැඩේ වෙන්නෙ මෙහෙමයි..

Sri Lanka
By krishani Oct 02, 2023 05:07 PM GMT
krishani

krishani

Report

ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ ය.

එය ලබන 07 වැනිදා සිට ක්‍රියාත්මකයි.

අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

එනම් ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) ලබන 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම මෙම වැඩසටහන බස්නාහිර පළාත හැර සෙසු පළාත් 8ම ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ අනුව මෙම වැඩසටහන සෑම රාජ්‍ය ආයතනයකටම ව්‍යාප්ත කිරීමට කටයුතු කරනු ලබයි.

ලබන වසරේ මාර්තු මස වන විට සියයට සියයක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවීම් කටයුතු කර ගැනීමට අවශ්‍ය කටයුතු ද සිදු කෙරෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

ReeCha