ඔස්ට්‍රේලියාවේ YouTube තහනමට Googleගෙන් දැඩි පිළිතුරක්

Google Youtube Australia Latest Headlines Sinhala news
By Shehan Jul 27, 2025 10:46 AM GMT
Shehan

Shehan

Report

Google සමාගම විසින් ඕස්ට්‍රේලියානු රජයට අනතුරු ඇඟවීමක් කර ඇති අතර, වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමකට YouTube ඇතුළත් කළහොත් රජයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසා ඇත.

The Daily Telegraph හි වාර්තාවකට අනුව, Google සමාගම විසින් සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් වෙත ලිපියක් යවමින් මේ බව දැනුම් දී ඇත. එම ලිපියේ සඳහන් වන්නේ, රජයේ සමාජ මාධ්‍ය නීති සංශෝධනවලට YouTube ඇතුළත් කළහොත් Google සමාගම තම නීතිමය ස්ථාවරය සලකා බලන බවයි.

"පිරිමි දෙන්නෙක් දරුවෝ හදන්නේ කොහොමද? සමලිංගික විවාහයන්ට මම විරුද්ධයි"

"පිරිමි දෙන්නෙක් දරුවෝ හදන්නේ කොහොමද? සමලිංගික විවාහයන්ට මම විරුද්ධයි"

ඕස්ට්‍රේලියානු රජය මීට පෙර නිවේදනය කර තිබුණේ, 2025 දෙසැම්බර් සිට වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරන බවත්, YouTube එම නීතිවලින් නිදහස් කරන බවත්ය.

කෙසේ වුවද, ඕස්ට්‍රේලියාවේ eSafety කොමසාරිස් ජූලි ඉන්මන් ග්‍රාන්ට් පවසා ඇත්තේ, දරුවන්ට සිදුවන හානි අවම කිරීමේ අරමුණින් YouTube වෙබ් අඩවියද තහනමට ඇතුළත් කළ යුතු බවයි.

YouTube හරහා දරුවන්ට බොහෝ අධ්‍යාපනික දැනුම ලැබෙන බව ග්‍රාන්ට් පිළිගත්තද, සන්නිවේදන අමාත්‍යවරයා ඇයගේ ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

Google සමාගම තර්ක කරන්නේ, YouTube තහනම් කිරීම දේශපාලන නිදහස සීමා කරන බවත්, මෙම තහනම හේතුවෙන් වයස අවුරුදු 16ට අඩු ළමුන්ට වීඩියෝ පළ කිරීමෙන් හෝ අදහස් දැක්වීමෙන් දේශපාලන කතිකාවන්ට දායක වීම වළක්වනු ඇති බවත්ය.

තාක්ෂණික යෝධයා වන Google පවසන්නේ, YouTube යනු සමාජ මාධ්‍ය වෙබ් අඩවියකට වඩා වීඩියෝ ගලනවා (streaming) වේදිකාවක් බවයි. එසේ වුවද, ඉදිරි සතිවලදී රජය විසින් තහනමට ලක්වන සමාජ මාධ්‍ය පිළිබඳව දැනුම් දෙනු ඇතැයි වාර්තා වේ.

මාලිමා සංවිධායක අත්අඩංගුවට - බීමතින් දේවාලෙට පැනලා මිලියන 5ක කන්‍යා මරිය තුමියගේ පිළිමේ කඩලා

මාලිමා සංවිධායක අත්අඩංගුවට - බීමතින් දේවාලෙට පැනලා මිලියන 5ක කන්‍යා මරිය තුමියගේ පිළිමේ කඩලා

වාචාල මිනිස්සු - හෝටලය ගැන කියද්දි ඩඩ්ලිත් කට අරියි

වාචාල මිනිස්සු - හෝටලය ගැන කියද්දි ඩඩ්ලිත් කට අරියි

 

ReeCha