අහස පොළොව නුහුළන අපරාධ මේවා, කන්න දෙන්න නැත්තම් ළමා නිවාසෙකට හරි දෙන්න තිබ්බා තුන්දෙනාටම වස දීලා මරන් නැතුව
නිවසේ නිරන්තරයෙන් ඇතිවන ප්‍රශ්න නිසා සිත් තැවුලට පත් කාන්තාවක් සිය බාල වයස්කාර දියණියන් තිදෙනාට වස දී මරා දැමීමේ සිද්ධියක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තානේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
ඒ අනුව අපරාධය සිදුකළ 27 හැවිරිදි මව අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඉකුත් 20 වන දින සන්ධ්‍යා සන්දීප් බෙරේ නම් සැකකාර මව කෑමට සැකසූ "වරන් හාත්" (බත් සහ පරිප්පු ආහාරයක්) වලට වස මිශ්‍රකර එය වයස අවුරුදු 05, 08 සහ 10 යන වයස්වල පසුවන ඇගේ දියණියන්ට කෑමට සලස්වා ඔවුන්ව ඝාතනය කර තිබෙන බව සඳහන්.
එසේම සැකකාර මව පළිබෝධනාශකයක් මෙසේ ආහාරවලට මිශ්‍රකර ඇත. එම ආහාර කෑමට ගත දියණියන් තිදෙනාට වමනය, කරකැවිල්ල ඇතුළු ඇති වූ සංකුලතා නිසා ඔවුන් තිදෙනාව වහාම ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කර ඇති බව පවසයි.
එසේ වුවද ඔවුන්ගේ තත්ත්වය බරපතළ වීමත් සමඟ ඔවුන්ගෙන් දෙදෙනෙක් මුම්බායිහි රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු
එහෙත් අඳාළ දැරියන් දෙදෙනා ඉකුත් 24 සහ25 යන දිනවල ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ අතර තවත් දැරියක් නාසික්හි රෝහලකට මාරු කරන යවා ඇති අතර ඇයද ඉකුත් 24 වන දින ජීවිතක්ෂයට ඇති බව වාර්තා වේ.
පොලීසිය වාර්තා කළේ මෙම දැරියන්ගේ මරණ පිළිබඳ ඊයේ (26) දින නිකුත් වූ මරණ පරීක්ෂණ වාර්තාවෙන් දරුවන්ගේ සිරුරුවල විෂ ඇති බව තහවුරු වූ බවයි.
ඒ අනුව මරණ පරීක්ෂණ වාර්තාවත් සමඟ දරුවන්ගේ මව අද (27) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු සඳහන්.
එසේම සැකකාර කාන්තාවගේ සැමියා මත්පැන් පානයට හුරුවී සිටින අයෙක් නිසා කාන්තාව දැරියන් තිදෙනා ද සමඟ සැමියාගෙන් වෙන් වී ජීවිත්ව ඇති බව හෙළි වී තිබෙනවා.
මෙහිදී දියණියන් තිදෙනා රැකබලා ගැනීම දුෂ්කර වීමත් නිවසේ නිතර ඇතිවන ප්‍රශ්න නිසාත් කළකිරීමට පත්ව තමන් මෙම අපරාධයට යොමු වූ බව සැකකාර මව පොලිසියට ප්‍රකාශ කර ඇති බව සඳහන්.
