ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන දිවුරුම් දෙයි

Report

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

ඒ අනුව ඔහු මෙරට 49 වැනි අගවිනිසුරුවරයා බවට පත්වේ. අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම යාමෙන් පසු පුරප්පාඩු වූ එම ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරන ලදී.

"පිරිමි දෙන්නෙක් දරුවෝ හදන්නේ කොහොමද? සමලිංගික විවාහයන්ට මම විරුද්ධයි"

"පිරිමි දෙන්නෙක් දරුවෝ හදන්නේ කොහොමද? සමලිංගික විවාහයන්ට මම විරුද්ධයි"

1989 වසරේදී නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන් ප්‍රීති පද්මන් සූරසේන මහතා, ඉන්පසු නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව රජයේ නීතිඥවරයකු ලෙස සේවය කළ අතර, 2007 වසරේදී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්විය.

2016 වසරේදී අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත්වූ ඔහු, 2018 වසරේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස පත්වූ අතර, 2019 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්විය.

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

එතැන් සිට මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස සේවය කරන ප්‍රීති පද්මන් සූරසේන මහතා, හිටපු අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මියගෙන් පසුව ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ලෙස සිටියි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී විය.

කෝවිලක ඇතිවූ තෙරපුමකින් පුද්ගලයින් 06 දෙනෙකු මරුට

කෝවිලක ඇතිවූ තෙරපුමකින් පුද්ගලයින් 06 දෙනෙකු මරුට