ගාල්ලේ විශේෂ මෙහෙයුමක්, ඔක්කොම 37 ක් කොටු වෙයි
ගාල්ල නගරයේ ප්‍රදේශ කිහිපයක සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී සැකපිට පුද්ගලයන් 24 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එසේම මහමෝදර ප්‍රදේශයේ බූරු පිටියක් වටලා කාන්තාවන් 13 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව ඊයේ (26) දින සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී ත්‍රීරෝද රථ ද හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.
එම අවස්ථාවේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් සහ රථ වාහන වැරදි පිළිබඳව රියදුරන් පිරිසකට නඩු පැවරීමටද කටයුතු කර ඇත.
එමෙන්ම නීති විරෝධී අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීමේ අරමුණින් ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම් දියත් කර ඇති බව සඳහන්.