“අපේ අරමුණ රොබෝවරු නොව සජීවී දරුවන් බිහි කිරීමයි” - ජනපති කියයි

Report

අද (24) පාර්ලිමේන්තුව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, රොබෝවරුන් වැනි දරු පරපුරක් වෙනුවට සජීවී ජීවිතයක් ලබා දෙන දරුවන් බිහි කිරීමේ අරමුණින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බවයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සෑම දරුවෙකුටම ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබා දීමේ වගකීම ආණ්ඩුව භාර ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති

ඉගැන්විය යුතු විෂයන් තෝරා ගැනීම අධ්‍යාපනඥයන්ගේ කාර්යයක් වන අතර, එය දේශපාලන අධිකාරියේ හෝ ආණ්ඩුවේ කටයුත්තක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

දරුවන් මත පැටවී ඇති අධ්‍යාපන බර අඩු කළ යුතු බවත්, ආගම, ඉතිහාසය ඇතුළු ඕනෑම විෂයක් ඉගෙන ගැනීමේදී ඒවායේ ගැඹුරට යාමට අවශ්‍ය නම් නව අධ්‍යාපන ක්‍රමය තුළ ඒ සඳහා ඉඩ සලසා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

බිහිසුණු ගුවන් යානයේ අනතුරෙන් මඟීන් 49 දෙනාම ජීවිතක්ෂට

බිහිසුණු ගුවන් යානයේ අනතුරෙන් මඟීන් 49 දෙනාම ජීවිතක්ෂට

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

කාඩ් එකෙන් ගෙවද්දී 2% 3% කපනවද? ආයේ බෑ ඔන්න

කාඩ් එකෙන් ගෙවද්දී 2% 3% කපනවද? ආයේ බෑ ඔන්න