මේ විදිහට වාහන මිලදී ගත් අය අමාරුවක වැටෙයිද? ලක්ෂ ගණනක පාඩුවක් වෙන බව අනතුරු ඇඟවීමක් [VIDEO]
සර්වජන බලය වෙන්නප්පුව ආසන සංවිධායක අචිනි සුරියඅරච්චි මහත්මිය පවසන්නේ Speed Draft ක්‍රමය යටතේ වාහන ලබාගත් පුද්ගලයන් හට වත්මන් රජයේ අත්තනෝමතික තීරණ හේතුවෙන් රුපියල් ලක්ෂ ගණනක මූල්‍ය පාඩුවකට මුහුණ දීමට සිදුව ඇති බවත්, ඔවුන්ගේ වාහන හිමිකාරිත්වය හීනයක් බවට පත්වෙමින් පවතින බවයි.
ඇය මේ බව අවධාරණය කළේ පවතින වාහන ලීසින් අර්බුදය සහ ඒ සම්බන්ධයෙන් රජයේ වගකීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුරියඅරච්චි මහත්මිය පෙන්වා දුන්නේ, වාහනයක් මිලදී ගැනීමේදී පැවති ණය පහසුකම් සීමාවන් රජය විසින් දැඩි ලෙස සංශෝධනය කිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවයි.
උදාහරණයක් ලෙස රුපියල් ලක්ෂ 85ක් පමණ වටිනා වාහනයක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් ක්‍රමයට ලබාගත් පුද්ගලයෙකු, එම ණය පහසුකම නැවත ප්‍රතිව්‍යුහගත කිරීමට යාමේදී, වාහනයේ වටිනාකම තීරණය කිරීමේ නව සීමාවන් හේතුවෙන් රුපියල් ලක්ෂ 22කට ආසන්න මුදලක් අතින් ගෙවීමට සිදුව ඇති බව ඇය අනාවරණය කළාය.
මෙම ලක්ෂ 22ක මුදල ගෙවීමට නොහැකි වන වාහන හිමියන් සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය තොරතුරු කාර්යාංශයේ අසාදු ලේඛනයට ඇතුළත් වීමේ අවදානමකට මුහුණ දී සිටින බවද ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - අලුත් නිළධාරීන් සේවයට බඳවාගැනීම ආරම්භයි - අසත්‍ය තොරතුරු පිළිබද අවදානමක්
එසේම, රුපියල් ලක්ෂ 85ක වාහනයක් සඳහා මසකට රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න පොලියක් ගෙවීමට සිදුව ඇති බවත්, මෙය සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි බරක් බවත් ඇය පෙන්වා දුන්නාය
. "මෙය සාමාන්‍ය ජනතාවගෙන් පත් වෙච්ච ආණ්ඩුවක් කියලා කිව්වට, ජනතාවට කිසිම සහනයක් සලසන ආණ්ඩුවක් නෙමෙයි" යනුවෙන් චෝදනා කළ සුරියඅරච්චි මහත්මිය, වත්මන් පාලකයන් බලයට පැමිණියේ ජනතාවගෙන් මුදල් එකතු කරමින් වුවද, අද වන විට ඔවුන් ජනතාව වෙනුවට වෙනත් බලවත් පාර්ශ්වයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින බවට ප්‍රකාශ කළාය.