ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - අලුත් නිළධාරීන් සේවයට බඳවාගැනීම ආරම්භයි - අසත්‍ය තොරතුරු පිළිබද අවදානමක්
ශ්‍රී ලංකා පොලිසියට නව නිලධරයන් බඳවාගැනීම මේ වනවිට සිදුවන නමුත් ඒ පිළිබදව ඇතැම් පිරිස් විසින් සමාජගතකරන දැනුවත් කිරීම්වල අසත්‍ය කරුණු ඇතුලත් වන බව පොලිසිය නිවේදනය කර ඇත.
මෙම බඳවා ගැනීම් පිළිබදව තොරතුරු දැනගැනීමට නම් පොලිස් නිල වෙබ් අඩවියේ Join Us වෙබ් පිටුව හෝ Sri Lanka Police නිල Facebook පිටුව පමණක් භාවිතා කිරීමට පොලිසිය දැනුවත් කර ඇත.
ලෝකයම දරුණු අනතුරක - ඉතිහාසයේ නොවූ විරූ මාරක අනතුරකට ලෝකය සූදානම් වෙන්න - ලෝක කාලගුණ විද්‍යා සංවිධානය
මේ පිළිබදව පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්,
ශ්‍රී ලංකා පොලිසියට නව නිලධරයන් බඳවාගැනීමේදී සලකා බලන අවම පුද්ගල සුදුසුකම් පිළිබඳව දැනගැනීම සඳහා පොලිස් නිල වෙබ් අඩවියේ Join Us වෙබ් පිටුව හෝ Sri Lanka Police නිල Facebook පිටුව පමණක් භාවිතා කරන්න.
වෙනත් පාර්ශව විසින් සමාජගතකරන දැනුවත්කිරීම්වල අසත්‍ය කරුණු ඇතුලත් වන බව නිරීක්ෂණය වේ. අසත්‍ය තොරතුරු ජනගත වීම තුලින් අපේක්ෂාකරනු ලබන අවම සුදුසුකම් නොමැති අයදුම්කරුවන් විශාල ප්‍රමාණයක් අයදුම්පත් යොමු කර ඇත.
ඉදිරි කාලය තුළ නැවත අයදුම්පත් කැඳවීම සඳහා ගැසට් නිවේදන පළකිරීමට නියමිතය බැවින් ගැසට් නිවේදනයේ සඳහන් පරිදි මෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත්කිරීම් පමණක් පරිශීලන කර අයදුම්පත් යොමුකරන මෙන් දැනුම්දෙන්නෙමු.
කාන්තා පොලිස් කොස්තාපල් තනතුර නිරීක්ෂණය වූ අසත්‍ය බඳවාගැනීමේ සුදුසුකම් -
අ.පො.ස සාමාන්‍ය පෙළ සම්මාන 5 ක් සහිතව විෂයන් 06ක් සමත්
වයස අවුරුදු 18-28 අතර උස අඩි 05 අඟල් 1ට වැඩි (154.94cm)
අවිවාහක
ශ්‍රී ලාංකික පුරවැසි
දිවයිනේ ඔ්නෑම ප්‍රදේශයකින් අයදුම් කළ හැක.
වැටුප රු.71420.00
සත්‍ය බඳවාගැනීමේ සුදුසුකම්
වයස අවුරුදු 18-24 අතර
උස අඩි 05 අගල් 01ට වැඩි (154.94cm)
අවිවාහක
දිවයිනේ ඔ්නෑම ප්‍රදේශයක පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියෙකු හට අයදුම් කළ හැකියි.
මූලික වැටුප 49,550 සහ අමතර දීමනා ඇතුළුව මුළු වැටුප රු.110.551.00 හිමිවනු ඇත.
අධ්‍යාපන සුදුසුකම් -
අ.පො.ස (සා.පෙළ) භාෂාව,ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි ඇතුළුව සම්මාන 05ක් සමඟ විෂයයන් 06ක් දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත්වීම හෝ අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් භාෂාව,ගණිතය ඇතුළුව විෂයයන් 05 ක් සඳහා සම්මාන සහිතව අ.පො.ස (සා.පෙළ) විභාගය විෂයන් 06කින් දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් වීම සහ අ.පො.ස (උසස් පෙළ) විභාගය එක්වරකදී විෂයන් දෙකකින් සමත්වීම.