මේ තරම් නැග්ග නැගිල්ලක් කවදාවත් මතක නෑ.. - ඇහෙද්දිත් ඇඟ හිරිවැටෙන එළවළු මිලේ සැර..

Report

එළවළු මිල තවදුරටත් ඉහල ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරිකයන් කියා සිටියේ ය.

මේ තරම් නැග්ග නැගිල්ලක් කවදාවත් මතක නෑ.. - ඇහෙද්දිත් ඇඟ හිරිවැටෙන එළවළු මිලේ සැර.. | Vegetables Prices In Sri Lanka 29Th December 2023

ඒ පවතින අධික වර්ෂාවෙන් එළවළු වගාවන් සම්පුර්ණයෙන් විනාශ වීම හේතුවෙන් ය.

ඒ අනුව මෙතරම් ඉහළ මිළකට එළවළු මිල ඉහළ ගිය කාලයක් තමන්ට මතක නැති බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ වන විට එළවළු මිළවල පවතින අධික ඉහළ යාම නිසා පාරිභෝගිකයින් මහත් අපහසුතාවයට පත් ව තිබෙනවා.

මේ තරම් නැග්ග නැගිල්ලක් කවදාවත් මතක නෑ.. - ඇහෙද්දිත් ඇඟ හිරිවැටෙන එළවළු මිලේ සැර.. | Vegetables Prices In Sri Lanka 29Th December 2023

ඒ හේතුවෙන් පාරිභෝගිකයන් එළවළු මිළදී ගැනීමට නොඑන බව ව්‍යාපාරිකයින් පැවසීය.

කෙසේ වෙතත්, අද (29) කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිළ පැවතියේ කැරට් රුපියල් 700, බෝංචි රුපියල් 500, ලීක්ස් රුපියල් 400, අමුමිරිස් රුපියල් 1200, තක්කාලි රුපියල් 500, බටු රුපියල් 600ක් වැනි මිළකටයි.

මේ අතර, දඹුල්ල නගරයේ අමුමිරිස් කරලක් රුපියල් 15 ක මුදලකට අද දින අලෙවි වූ බව පාරිභෝගිකයන් චෝදනා කළේ ය.

ඇස් උඩ යන මිල ගණන් හමුවේ වතුර බිලට මොකක්ද වුණේ දන්නව ද?.

ඇස් උඩ යන මිල ගණන් හමුවේ වතුර බිලට මොකක්ද වුණේ දන්නව ද?.


සිල්ලර වෙළදපලේ අමු මිරිස් කිලෝව රු.1800 ක මිලකට අලෙවි වන බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් රු.1300 ත් 1500 ත් අතර තොග මිල අලෙවි වූ බවත් වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින්, 

අමුමිරිස් කරලක් ගිය උඩක්. - මීට කලින් මේ ගාණට අමු මිරිස් කරලක් කාලා තියෙනවද?

අමුමිරිස් කරලක් ගිය උඩක්. - මීට කලින් මේ ගාණට අමු මිරිස් කරලක් කාලා තියෙනවද?