කිලෝ එකක් රු. 50 -100යි.- වසර ගණනාවකට පසු එළවලු මිල ලෙල්ලටම බහි.

Report

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල ශීඝ්‍රයෙන් පහළ වැටි ඇති බව වාර්තා වෙනවා.

මේ දිනවල වැඩි වශයෙන් එළවලු තොග ලැබුණද ඒවා මිලදී ගැනීම සඳහා පිටස්තර වෙළෙන්දන්ගේ පැමිණීම අඩුවීම, එළවළු පරිභෝජනය කරන ප්‍රමාණ පහළ යෑම මේ තත්ත්වයට හේතු වී ඇති බවයි වාර්තා වෙළඳ ව්‍යාපාරිකයන් පවසන්නේ.

ඒ, අනුව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, එළවළු අලෙවි නොවී දිනගණන් තිබී විනාශ වන නිසාත් එළවළු ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් අධික වීම නිසාත් ජනතාවට අඩු මුදලකට එළවළු ලබාදීමට නොහැකි බවයි.

රජයෙන් සහන මිලට දෙන පොල් ලොරිය අද කොළඹට.- එක් අයෙක්ට ගෙඩි 5.- කොළඹ ඇතුළු අනෙක් ප්‍රදේශ මෙන්න.

රජයෙන් සහන මිලට දෙන පොල් ලොරිය අද කොළඹට.- එක් අයෙක්ට ගෙඩි 5.- කොළඹ ඇතුළු අනෙක් ප්‍රදේශ මෙන්න.

කෙසේ වෙතත්, අමු මිරිස් ,වම්බටු, තක්කාලි ,කැකිරි ආදී එළවලු වර්ග සහ කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් ,ලීස් ,ගෝවා බොහොමයක් අලෙවි වන්නේ රුපියල් 50 ත් 100ත් අතර මිල ගණන් යටතේ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව තක්කාලි කිලෝවක් රුපියල් 160- 200 අතර මිලකටත්, වම්බටු රුපියල් 80-100 අතර මිලකටත්, කැරට් රුපියල් 50-70 අතර මිලකටත්, බෝංචි රුපියල් 150 -200ත් අතර මිලකටත් අලෙවි වී තිබෙනවා.

තවද මාළු මිරිස් රුපියල් 240-300 අතර මිලකටත්, අමුමිරිස් රුපියල් 250-300 අතර මිලකටත්, කැකිරි රුපියල් 25-30 අතර මිලකටත්, පිපිඤ්ඤා රුපියල් 25-30 අතර මිලකටත්, වට්ටක්කා රුපියල් 80-100 අතර මිලකටත් මෑ කරල් රුපියල් 100-120 අතර මිලකටත්, ගෝවා රුපියල් 50-70 අතර මිලකටත්, ලීක්ස් රුපියල් 140-160ත් අතර මිලකටත් අලෙවි වන බවයි සඳහන් වන්නේ. 

හිතාගන්වත් බැරි විදිහට සියලු කොටස් මිල දර්ශක වල සිදු වූ විශාල වෙනස.

හිතාගන්වත් බැරි විදිහට සියලු කොටස් මිල දර්ශක වල සිදු වූ විශාල වෙනස.

රාජ්‍ය අමාත්‍යවරු නොමැතිව මෙරට කැබිනට් මණ්ඩලයට 25 ක් කරයි.

රාජ්‍ය අමාත්‍යවරු නොමැතිව මෙරට කැබිනට් මණ්ඩලයට 25 ක් කරයි.

ආරක්ෂක රැකවල් මැද මහින්ද රාජපක්ෂ අද උදේම වැලිකඩට ආ හැටි. - (VIDEO)

ආරක්ෂක රැකවල් මැද මහින්ද රාජපක්ෂ අද උදේම වැලිකඩට ආ හැටි. - (VIDEO)