ආරක්ෂක රැකවල් මැද මහින්ද රාජපක්ෂ අද උදේම වැලිකඩට ආ හැටි. - (VIDEO)
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයට අද (25) ගොස් තිබෙනවා.
පසුගියදා (23) වන දා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුනා.
ඒ කොළඹ - හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළවයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔහුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කළා.