අදත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි
By Mithu
පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවසඳහන් කරයි.
එම නිවේදනයට අනුව, දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 6 බැගින් සහ 4ක් අඩි 4 බැගින් විවෘත කර ඇති අතර, එම ජලාශයෙන් තත්පරයට ඝන අඩි 19,400 බැගින් ජලය දැදුරු ඔයට නිකුත් කෙරෙන බව වාරියපොළ ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කරයි.
ඒ වගේම තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් අඟල් 3 බැගින් සහ තවත් 4ක් අඟල් 2 බැගින් විවෘත කර ඇති අතර, එම ජලාශයෙන් තත්පරයට ඝන අඩි 3,720 බැගින් මී ඔයට ජලය මුදා හරින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.