අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත්, එසේම මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (23) ඇතැම් ප්‍රදේශවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු ප්රදේශවලද කිහිප ස්ථානයකම මි.මී. 75 පමණ තද වැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ බහුතර ප්‍රදේශවල පස්වරු 1.00ට පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු, උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන බවද සඳහන් කරයි.
මේ සමග දිවයින පුරා පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීම වැසි පවතින බවත්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් පවසයි.
එමෙන්ම ඊයේ දින ජලාශ කීපයකම වාන් දොරටු විවර කිරීම සිදුවිය.