මීට පස්සේ රේගුවෙන් බහලුම් පන්නනවා බොරු, කෘත්‍රිම බුද්ධියෙන් අලුත් වැඩක්
බහලුම් පරීක්ෂා කිරීමට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම සම්බන්ධව රේගුව අධ්‍යයනය කරමින් සිටින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කරයි.
එසේම ඔහු සඳහන් කළේ මෙලෙස කෘතිම බුද්ධිය යොදා ගැනීම මගින් බහලුම්වල තිබෙන දෑ නිශ්චිතවම හඳුනාගැනීමේ හැකියාව පවතින බවයි.
එමෙන්ම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙලෙස බහලුම් පරීක්ෂා කිරීමට කෘත්‍රිම බුද්ධිය යොදගැනීමට කටයුතු කරන මෙන් ජනාධිපතිවරයාද උපදෙස් ලබාදී ඇතැයි පවසා ඇත.
ඒ අනුව මුලින්ම දැඩි අවදානම් කාණ්ඩයට අයත්වන “රතු ලේබල්“ බහලුම් හඳුනාගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත්, බහලුම් පරීක්ෂා කිරීමට මේ වන විට භාවිත කෙරෙන පද්ධතියට (Automated Risk Management System) මෙම කෘත්‍රිම බුද්ධිය එකතු කිරීමට කටයුතු කරන බවත්, එය අතිශය වියදමක් වැය වන සංකීර්ණ කටයුත්තක් බවත් ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම අඳාළ ක්‍රමවේදය ඔස්සේ නියමිත මිලට වඩා මිල අඩුවෙන් සඳහන් කරන ලද භාණ්ඩ හඳුනාගැනීමටද බලාපොරොත්තු වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.