වාහන ගැන සතුටු හිතෙන ආරංචියක්, වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක ආදායමක්

Report

රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ විසින් ආනයනික වාහනවලින් රේගු දෙපාර්තමේන්තුව මේ වනවිට රුපියල් බිලියන 430 කට ආසන්න බදු ආදායමක් උපයා ගෙන ඇති බව ප්‍රකාශ කරයි.

ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ වාහන ආනයනයෙන් රේගු දෙපාර්තමේන්තුව මේ වසරේදී රුපියල් බිලියන 450 ක ආදායමක් බලාපොරොත්තු වන බවයි.

තවද මේ වන තෙක් වාහන ආනයනය රජය මඟින් සීමාකර නොමැති වීම හේතුවෙන් වාහන ආනයනයෙන් රේගුවට උපයාගත හැකි බදු ආදායම රුපියල් බිලියන 450 ඉක්මවා යාමට හැකිවනු ඇති බව ද ඒ මහතා පවසයි.

ඊට අමතරව විද්‍යුත් වාහන සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබාදීමට නියමිත තීරණයත් සමග එම වාහනයේ විද්‍යුත් මෝටරයේ ධාරිතාව පිළිබඳව පවතින ගැටලුව විසඳෙනු ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

අද මේ ලග්නවලට සතුට දෝරෙ ගලලා සැප සම්පත් උතුරන්න තරම් සුබයි

අද මේ ලග්නවලට සතුට දෝරෙ ගලලා සැප සම්පත් උතුරන්න තරම් සුබයි

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ ගැන කල්තියා අනතුරු ඇඟවීමක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ ගැන කල්තියා අනතුරු ඇඟවීමක්