ඉරානයේ මහා විනාශයක් - එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, නෞකා 60ක් ඇතුළු ඉලක්ක 6,000කට ප්‍රහාර
එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා මඟින් ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් ක්‍රියාත්මක කර ඇති 'එපික් ෆියුරි' මෙහෙයුම යටතේ ඉරානයේ ඉලක්ක 6,000කට ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම ප්‍රහාර මඟි ඉරාන නෞකා 60කට ආසන්න ප්‍රමාණයක් සහ යාත්‍රා 30ක් හානි කර හෝ විනාශ කර ඇති බවයි.
මේ අතර එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා සඳහන් කළේ ප්‍රහාරයට ලක්කළ අනෙකුත් ඉලක්ක අතර ඉරාන හමුදා අණ මධ්‍යස්ථාන, අවි නිෂ්පාදන හා බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, සබ්මරීන් සහ ගුවන් ආරක්ෂණ පද්ධති ඇතුළත් වන බවයි.