ඇමරිකාවෙන් ඉරානයට කොළ එළියක් - ඇමරිකාව ඉරාන නාවිකයන් නිදහස් කරයි

Report

අමෙරිකාව විසින් රඳවාගෙන සිටින ඉරාන ධජය සහිත බහාලුම් නෞකාවේ සිටි ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු නිදහස් කර නැවත ඉරානයට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නෞකාවේ තවත් ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු TOUSKA නෞකාවේ රැඳී සිටින අතර ඉරාන නිලධාරීන් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව සඳහන්ය.

හදිසියේම තෙල් මිල ඉහළට - මෙන්න විස්තරේ

හදිසියේම තෙල් මිල ඉහළට - මෙන්න විස්තරේ

පසුගිය අප්‍රේල් මස 20 වන දින අඩි 900කට ආසන්න දිගකින් යුත් මෙම නෞකාව ඉරාන ධජය සහිතව සිය නාවික අවහිරය පසුකර යාමට උත්සාහ කළ බැවින් එය සිය භාරයට ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණි.

එහිදී අදාළ නෞකාවට නවත්වන ලෙස අනතුරු ඇඟවීමක් සිදුකළ නමුත් ඔවුන් එම අනතුරු ඇඟවීම නොතකා යාත්‍රා කිරීමෙන් අනතුරුව එම නෞකාවේ එන්ජින් කාමරයට ප්‍රහාරයක් එල්ල කර එය නැවැත්වූ බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේය.

ඇමරිකාවේ යුද්ධයට ඩොලර් බිලියන 25ක් - පෙන්ටගනය කට අරී

ඇමරිකාවේ යුද්ධයට ඩොලර් බිලියන 25ක් - පෙන්ටගනය කට අරී

අදාළ නෞකාව ඉරාන වරායක් දෙසට යාත්‍රා කරමින් තිබී ඇති අතර අදාළ නෞකාව අමෙරිකානු නාවික හමුදා භාරයට ගැනීම සම්බන්ධව ඉරානයේද අවධානය යොමුව ඇත. ඒ අනුව මේ සම්බන්ධව නිවේදනයක් යොමු කරමින් ඉරානය සඳහන් කර තිබුණේ, මෙය සන්නද්ධ මුහුදු කොල්ලකෑමේ ක්‍රියාවක් වන බවය.

2026 වෙසක් පෝය නිල වශයෙන් ප්‍රකාශයට - මෙන්න විස්තරේ

2026 වෙසක් පෝය නිල වශයෙන් ප්‍රකාශයට - මෙන්න විස්තරේ