හදිසියේම තෙල් මිල ඉහළට - මෙන්න විස්තරේ

Report

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (29) දිනයේත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් තවදුරටත් දිග්ගැස්සීමේ අවදානම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් (OPEC) සංවිධානයෙන් ඉවත් වීමට සූදානම් වීම යන කරුණු මෙම මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. නවතම වෙළඳපොළ දත්තවලට අනුව බොරතෙල් මිල ගණන් සටහන් වන්නේ මෙසේයි.

WTI බොරතෙල් (NYMEX WTI): මිල 3.61% කින් ඉහළ ගොස් ඇති අතර එය බැරලයක් ඇමරිකානු ඩොලර් 103.54 ක් ලෙස සටහන් වේ. බ්‍රෙන්ට් බොරතෙල් (ICE Brent Crude): මිල 3.22% කින් ඉහළ ගොස් ඇති අතර එය බැරලයක් ඩොලර් 114.84ක් ලෙස සටහන් වේ.

තෙල් ප්‍රශ්ණේ ඉවරයි - පෙට්‍රල් තොගයක් සමග නැවක් ලංකාවට

තෙල් ප්‍රශ්ණේ ඉවරයි - පෙට්‍රල් තොගයක් සමග නැවක් ලංකාවට

මෙම මිල ඉහළ යාම කෙරෙහි එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෙල් අපනයනය කරන රටවල සංවිධානයෙන් (OPEC) ඉවත් වීමේ හැකියාව පිළිබඳ පුවත තීරණාත්මක බලපෑමක් එල්ල කර ඇති බවයි ආර්ථික විශ්ලේෂකයෝ පවසයි.

තෙල් මිල ඉහළ ගියද, ලෝක වෙළඳපොළේ රත්‍රන් මිලෙහි සුළු පහත වැටීමක් දක්නට ලැබේ. COMEX Gold මිල 0.76% කින් පහත වැටී ඇති අතර එය අවුන්සයක් ඩොලර් 4,573.60 ක් ලෙස සටහන් වේ.

මේ අතර බඩඉරිඟු මිල (CBOT Co) 0.26% ක සුළු ඉහළ යාමක් පෙන්නුම් කරයි. මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ඉදිරි දිනවලදී බලශක්ති මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවට වෙළඳපොළ අනාවැකි පළ කරයි.

රනිල් වික්‍රමසිංහට මොකක් වෙයිද? රනිල්ගේ නඩුවේ අලුත්ම විස්තරේ මෙන්න

රනිල් වික්‍රමසිංහට මොකක් වෙයිද? රනිල්ගේ නඩුවේ අලුත්ම විස්තරේ මෙන්න